Home විශේෂාංග අවසන් මිනිත්තුව

අවසන් මිනිත්තුව

by Test

වැස්ස ඉවර වෙනවත් එක්කම කුරියර් එකකින් ආව ලිපියක් වැනි කුඩා බහලුමක් රැගෙන ආ තරුණයෙක් ඒක මගෙ අතට දීලා නික්ම ගියා. හිතාගන්න බැහැ මොකක්ද කියලා. සල්ලි අමාරුව අස්සෙ වුණත් පොතක් ඇරෙන්න වෙනින් යමක් ඇණවුම් කරනවයැ. වැරදීමක් වෙන්නත් බෑ. හරියටම මගෙ නමටම, මගෙ ලිපිනයටම, ගෙදර අයත් අහනව මොකක්ද ඔය ආවෙ කියලා.

චූටි දෝණි කියනව ඇහුණ ෂුවර් එකටම ඔය පොත් ගන්න වවුචර් එකක් තම‍යි කියලා. අම්මව පුදුම කරන්න මාමා එවන්න ඇති කියලා.

“මොන පිස්සුද උඹලගෙ මාමා, පුළුවන් නම් ඕකා මගෙ පොත් ටිකත් විකුණාවි..”

දැන් හිනාවෙවී හිටිය වුණාට පුදුමෙන් වගේ ඔන්න බහලුම කඩලා ඇතුළේ තිබුණ ලියකියවිලි ටික ඇදල අරන් කියවන්න කළින් මාව ගල් ගැහුණා.

” ඔහ් ! මේ මගෙ නමට

මෙක්සිකෝවට යන්න ගුවන් ටිකට් එකක්. ..මේ.. මේ..වෙන්න බෑ.”

මට කෑ ගැස්සුණා. ඒත් මගෙ කවුරුත් මෙක්සිකෝවේ

නෑ නෙ..? .

“අම්මගෙ කවුද ඔය රටේ ඉන්නෙ.”

“වැරදිලා ආයෙ නම චෙක් කරන්නකො. දෙන්න දෙන්න මම බලන්න.”

ටිකට් එක අරන් බලපු චූටි දෝණි තාත්තාගෙ මූණ වගේම මගේ මූණත්, අක්කගෙ වගේම, අයියගෙ මූණු ටිකත් මාරුවෙන් මාරුවට බලන්න ගත්තෙ හරියට අයි.එස්.අයි.එස්. එකෙන් මට ලියුමක් ආව වගෙ.

 

” මේක වාසනාවක්. මම මොනතරම් දුක් වින්දද, ඔව්… වාසනාවක් .”

.”අම්මේ ඔය ලියුමක් තියෙන්නෙ ඒක කියවන්න. උඩහ ලොකු අයියවත්

පවු කියල හිතලා අම්මට ටිකට් එකක් එව්ව ද දන්නෑනෙ.” පුතාගෙ හඬ ඇහුණ චූටි දෝණි…

“මෝඩ අයියෙ. උඩහ ලොකු අයිය ඉන්නෙ කොරියාවෙ.” කියල කිව්වා.

ඒ මදිවට හප්පා ඔන්න මහ තැනත් කඩන් පැනපි.

” ඔය ලියුම කියවල බලනව ඉස්සෙල්ල. අම්මල දූල පිස්සො වගෙ දඟලනව මෙතන..”

ඇත්ත නේන්නම්. ඔන්න ලියුම කියවන්න ගත්ත. ඒකත් හරි කෙටියි.

ආදරණීය ඇරයුමක්. !

සොයුරිය ඔබේ මිතුරෙක් විසින් මට කළ යෝජනාවකට අනුව ඔබට මේ ටිකට් පත එවනු ලබනවා. කිසිදු වියදමක් ඔබ විසින් සිදු කිරීමට අවැසි නැත. ඔබට ගුවන් යානය තියෙන්නෙ තව දින පහකින්. ඔබ ළඟ ගමන් බලපත්‍රයක් ඇති බව ඔබේ මිතුරා කීවේය. ආදරයෙන් මෙක්සිකෝවට ඔබව පිළිගන්න අපි සූදානම්. පහත තියෙන විස්තර අනුව මෙක්සිකෝවට පැමිණෙන්න. සියලු ලියකියවිලි දින දෙකකින් ඔබට හදා ගැනීමට හැකිවේවි. විදේශ තානාපති කාර්යාලයට යන්න. ඔබට අවැසි සියල්ල එහි සැකසී ඇත. මීට ශ්‍රීපතී.

” ඈ ….ශ්‍රීපතී .. ?

ම්ම්… මගෙ යාළුවෙක් මෙක්සිකෝවේ ..”

අන්දුන් කුන්දුන් වූ මම පිස්සු හැදෙනකම් හිතුවත් මතකයක් නෑ. ඒ තරම් ළඟ මිතුරෙක්…ඒත් පතී…යම් මතකයක්..තිබුණ නමක්. ඒත්..ශ්‍රී කෑල්ලක් ඌට තිබුණේ නෑනෙ…

ඒ රටේ දුරකතන අංකයක් එහි සඳහන්ව තිබුණා. ඊට ඇමතුමක් ගත්තම කතාකරේ මෙක්සිකෝවේ සැන් මිගෙල්වල පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක කළමනාකාරවරයෙක්.

“ගුඩි ඊව්නින් මෑම්. ඔබ වෙනුවෙන් අපේ හෝටලය බුක් කරල තියෙනවා දින දාහතරකට. ඔබව පිළිගන්න අප සූදානම්. ස්තුතියි. මෑම්.

රිසීවරය තැබූ මට එළිවෙනකම් නින්දක් නෑ. ඒත් පහුවදා ලොකු යුද්දයක් කරලා මෙක්සිකෝවට යන්න අවසරය ගත්තෙ. මහත්තයගෙ සහෝදරිය පත්ම අක්කගෙ මිතුරෙක් එහෙ රාජ්‍ය නිලධාරියෙක් විදිහට මෙක්සිකෝවේ ඉන්න නිසා හොඳට ගියා. ඒ වගේම ඔහුගෙ සොයා බැලීමක් ලබා ගන්න පුළුවන් නිසා කිසි ප්‍රශ්නයක් නෑ. නැත්නම් යවයි මාව මෙක්සිකෝවටම. මොකක්දෝ කුතුහලයක් හිතේ තිබුණා. ඒත් මේක දන්නම කෙනෙක්ගෙ ඇරයුමක් මාව පුදුම කරන්න හදන්නෙ කියලා කියා ගන්න බැරි සතුටක් වගෙම මාර ආඩම්බරයක් හිතේ තිබුණා. දැන් ඉතින් බඩු මුට්ටු ලිස්ට් ගොඩයි. ඔර්ලෝසු,චොක්ලට්,සෙන්ට්,පුතාට ටැබ් එකක් හපොයි පිස්සු හැදෙන ලිස්ට් එකක්. මටත් ගන්න ජාති ගොඩයි. ඒත් සල්ලි කොහෙන් ද? මොන මඟුල හරි මෙක්සිකෝවට නොමිලේ ගිහින් දවස් දාහතරක් ඉඳල එන්න ලැබුණ එකම මදි ද?

වෙනදට වඩා ගැම්මක් දැනුණා. ඒක ටිකක් ගෙදර අයට විහිළුවකුත් වුණා. තව දින දෙකක් තිබුණා මෙක්සිකෝවට යන්න. දැන් දවස් යන්නෙ හිමින්ද මන්දා. පපුවෙ ස්පන්දනයත් වැඩි වෙනව වගේ. ඉඳල හිටල මෙක්සිකෝවට යන දවසට ඇඳගෙන යන්න ගෙනාව දිග ලිනන් ගවුම ඇඳල බූට්වගේ සපත්තු දෙකක් දලා, මේකප් එකක් එහෙමත් පොඩ්ඩක් දාගත්ත. වටපිට බලල ඉස්සරහ දොරත් වහලා පොඩ්ඩක් ඇවිදල බැලුව පොඩි පෙරහුරුවකට වාගේ. කෙල්ලගෙ හිකි හිකිය ඇහෙන්න ගත්ත මම උඩ විසිවුණා. දඩිබිඩි ගාල ඇඳුම් ටික ගලවල ගෙදරට ඇඳපු ගවුම දාගත්ත. මේ ටිකේ කරේම මෙක්සිකෝවේ ඇවිදින්න ති‍ෙයන තැන් හොයන එක. ගූගල් ගිහින් බලල ඒවා සටහන් දාගත්තා. කණ්ණාඩිය ළඟට ගිහින් පොඩියට රවුමක් කැරකුණා. ලතින් නැටුම් අඩි කීපයක් එහෙමත් කැරකිලා බැලුවා. මට අතීතෙ මතක් වුණා නෙහාර එක්ක නටපු නැටුම්. අපි දෙන්නම කළේ නැටුම්නේ. “මළ විකාර මෙක්සිකෝවේ ගිහින් එද්දි මේ මනුස්සය පිස්සු වැටිල ඒවි …”

මහත්තයගෙ ආඩපාලි ය.

“හපොයි..රෑ හත වෙලා…”

ඔර්ලෝසුව බැලූ මගෙ දෙලොව රත් වුණා. ඉක්මනට බතක්, පරිප්පුවක් එක්ක හාල් මැස්සො බැදල ගත්තා. දවල් හදපු හතු මාළුවත් තිබුණා. ඒ අස්සෙම අලුත ගෙනා ලැගේජ් බෑග් එකට ගෙනියන බඩු ඔක්කෝම අහුරල තිව්වා.

අලුත් දවසක් වෙනස්ම ලෝකයක්. මනරම් වූ වස්සානයක් උදාවෙලා තිබුණා. මෙක්සිකෝව හරියට දිව්‍ය ලෝකයක් වගෙයි. ග්වාඩලාජාරා සොඳුරු නගරය නේද මේ. දෙයියනේ සැන්ටියාගෝ තේකිලා, ආසාවෙන් පොත්වලින් විතරක් කියවපු මැජික් නගරය ඒකෙ ලස්සන. නෙහාරගෙ අතේ එල්ලිලා ඒ නගරය පුරාම ඇවිද්ද විශාල අවන් හල්වල හදන කෑම සුවඳෙ බෑ.

“නෙහාර අපි කොහෙද? යන්නෙ මේ…”

“ශොපින් කරමු. ඇයි ආස නැද්ද ඉස්සර ඉතින් ඒකත් ඔයාට රස්සාව වගෙනෙ නේද?”

ඇත්තටම නෙහාර පුදුමයි. මාව මොකට ගෙන්න ගත්තද මෙච්චර වියදම් කරලා. ඒත් මේ වෙලාවෙ ඔය මනස්ගාත මක්කටෙයි දෙන දෙයක් ගන්නවා මිසක්.

රිවීරා මායා ලස්සන පළාතක්. ඒකෙ හදපු ආකර්ෂණීය වේදිකාවක්. වටේ ඉන්න අය නෙහාරට හිස පහත් කරල ආචාර කරනවා. නෙහාර ලොක්කෙක් වගෙ මෙහෙ ඉන්නෙ.

“මේනා…. ඔයා දන්නවද ඒ මිනිස්සු අපි අඳුරන්නෑ ඒත් ආචාර කරනවා.”

මගෙ ඇස් උඩගියෙ අපේ රට මතක් වෙලා. ඒ, මනරම් වේදිකාවට අපට … ආරාධනාවක්. නෙහාර …!

මට හිතාගන්න බෑ කාලෙකින් නටල, රඟපාල නෑ, දැන් නුහුරුයි. ඒත්, නෙහාර මගෙ අත අල්ලන් වේදිකාවට ගොඩ වුණේ ඉස්සර වගේ. මම ඇඳල උන්න දුඹුරු පාට පළල් සායට රතු හැට්ටයක්, ඒකට ගැළපෙන රතු රවුම් තොප්පිය, නැටුමට ම ආවේණිකව තිබුණා. නෙහාරගෙ කළු සුදු කව් බෝයි ඇඳුම ඊටම ගැළපුණා. මාරිආච් සංගීතයට මෙක්සිකානු සාම්ප්‍රදායික හැට් ඩැපන් නර්තනයක නෙහාර දෑතෙ වෙළිලා එදා වගේම නටන්න පුළුවන් වුණා. මටම පුදුමයි. මේ මමද?

 

You may also like

Leave a Comment

Keep In Touch

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem.

Get in touch

    Are you sure want to unlock this post?
    Unlock left : 0
    Are you sure want to cancel subscription?