අද අප කතාබහ කිරීමට සූදානම් වන්නේ සාරියෙන් හා ඔසරියෙන් හැඩවන සහ සාරිය සහ ඔසරිය ඇඳීමට ප්‍රිය කරන ඔබටයි.
“ඔයා හැමදාම අඳින්නේ එකම සාරිය නේද? ඇතැම් විට දී ඔබත් මෙවැනි දේ අසා ඇති. “
මේ අලංකාර සාරිය ඔබව තව තවත් හැඩ කරාවි. බලන්න, කියවන්න නුගසෙවණ තරුණී සුසයෝගයෙන් අද අපි අලංකාර සාරියක් තව තවත් හැඩ ගන්වමු.
මේ ඔසරි නිර්මාණය සඳහා තෝරාගෙන තිබෙනුයේ ගෝල්ඩන් ෙයලෝ යි. (කහ පැහැය) තෙලළු හෝ පැහැපත් සමක් ඇති අය සඳහා මෙම මෝස්තරය යොදන්නේ නම් පල්ලුවේ වැඩදමා ඇති කොටසේ පළල තරමක් මහතින් වැඩි අයෙක් නම් මෙම පල්ලුව වැඩ දමා ඇති ප්‍රමාණය ප්‍රමණවත් වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
*සෘජු ෆෝම් බෝඩ්
* අල්පෙනිති
* පොලීතීන්
* මෝස්තරයක්
* සුදුපැහැති පර්ල්ස් නො. 03, නො. 04, නො 01, ඩ්‍රොප් පර්ල්ස්
* රතුපැති ස්ටෝන්ස් නො. 04, නො. 01 සහ රතුපැහැති ඩ්‍රොප් ස්ටෝන්
* ෆැබ්රික් ග්ලූ
නිර්මාණය කිරීම
1. පළමුව මෝස්තරය සෘජුෆෝම් බෝඩ්එක මත පොලීතින් දමා සාරි රෙද්ද ඒ මත එළා අල්පෙනෙති රඳවා ගන්න.
2. පසුව ගම්ලයින් එකක් දමා නො. 04, රවුම් හැඩයේ ස්ටෝන්වලින් මූලික හැඩය සකස් කරගන්න.
3. පසුව කොටුවල මැදට යම් පරතරයක් ඇතිව නො. 03 පර්ල් සහ කොටු අතර පහළට වන ලෙස නො. 04 පර්ල් අලවා ගන්න.
4. පහළින්ම ඇති බීක්කුවක ආකාරයට ඇති කොටසට නො. 01 පර්ල් අලවා ගන්න.
5. කොටු අතර මුලට වන ලෙස රතු පැහැති ඩ්‍රොප් ස්ටෝන් එකක් සහ කොටු අතර ඉහළට වන ලෙස ඩ්‍රොප් පර්ල්ස් 3ක් අලවා ගන්න.
6. අවසන් කළ නිර්මාණය දින 3ක් වේලා කොට්න් රෙද්දක් කනපිටින් දමා අයන් කරගන්න.
උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
(NVQ Level – 4 )
නදීකා පෙරේරා
ඡායාරූප – අවින්ක ෆොටෝ ග්‍රැෆි
රූ රටා – නිලක්ෂි ආරියරත්න