Home සුවමඟ දාහය වැඩිවන කාලය ඇවිල්ලා; නිවාලන්නේ කොහොමද?

දාහය වැඩිවන කාලය ඇවිල්ලා; නිවාලන්නේ කොහොමද?

by Test

සිරුරේ දාහය නංවන මේ උණුසුම් තත්ත්වය වාර්ෂිකව මාර්තු, අප්‍රේල්, මැයි මාසවලදී දැකගත හැකි දෙයකි. එය සාමාන්‍ය තත්ත්වයකි. සුළඟක් නොදැනීම, පහළ වායුගෝලයේ ජල වාෂ්ප වැඩිවීම, දහවල් කාලයේ වලාකුළුවලින් තොර අහසක් තිබීම නිසා සූර්ය රශ්මිය සෘජුවම පොළොවට වැටේ. මේ නිසා අධික උෂ්ණත්වයක් සිරුරට දැනේ. මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව යන්නේ මැයි මාසය අග පමණ වන විට. අපේ දිවයින හරහා නිරතදිග මෝසම් සුළං ප්‍රවාහය හැමූ පසුවයි.

කුඩා දරුවන්, පාසල් යන වයසේ දරුවන්, ගර්භිණි මවුවරුන්, නිදන් ගත රෝග ඇතිඅය, අවුරුදු 65ට වැඩිහිටියන් එළිමහනේ සේවයේ යෙදෙන උදවිය( කෘෂිකර්මාන්තයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, පොලීසියේ, මහා මාර්ග ආදිය පිරිසුදු කරන්නන්) උෂ්ණත්වයට නිරාවරණය වීම තුළින් වැඩි සෞඛ්‍ය ගැටලු මතු විය හැකි අවදානම් කාණ්ඩ ලෙස සැලකේ. මේ උෂ්ණාධික කාලගුණය සඳහා වැඩිහිටියන් සහ ළමයින් නිරාවරණය වීම තුළින් ඉක්මනින්ම විජලනයට පත්වේ. විජලනයත් සමඟින් හෘද රෝග, වකුගඩු රෝග සහ ශ්වසන රෝග ඇති අයට එම රෝග තත්ත්ව උත්සන්න වීමක් දැකිය හැකියි. හෘද ස්පන්දනය, අධික රුධිර පීඩනය ඉහළ යයි.

නිතරම වතුර බීම මීට සුදුසුම ප්‍රතිකර්මයකි. හිරු එළියට නිරාවරණය වී ගත කරන කාලය හැකි තරම් අඩු කළ යුතුයි. රස්නයට ඔරොත්තු දෙන කපු ඇඳුම් භාවිතය වැදගත්වේ. ශරීරය ඕනෑවට වඩා ආවරණය කරන ඇඳුම් ඇඳීමෙන්, තද පැහැති ඇඳුම් ඇඳීමෙන් රස්නය තව තවත් වැඩිවේ.

Heat stroke වැනි බරපතළ තත්ත්ව අප වැනි රටවල දැකගත නොහැකියි. එහෙත් බරපතළ රෝග තත්ත්ව ඇති අයට ඒ ආශ්‍රිත අවයව ක්‍රමක්‍රමයෙන් අකර්මණ්‍ය වීමට ඇති අවස්ථාව වැඩි වන්නට පුළුවනි.

උෂ්ණත්වයට නිරාවරණය වීම නිසා ක්ලාන්ත ගතිය, මස් පිඬු පෙරළීම සමේ උෂ්ණ දද ගතිය ඇතිවිය හැකි නිසා මෙය කළමනා කළ යුතු තත්ත්වයකි. මෙහිදී ප්‍රථමාධාර ලෙස සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම එනම් සෑම විනාඩි 15 කටම වරක් වීදුරු භාගය බැගින් පානය කළ යුතුයි.

* Cap එකක් වෙනුවට Hat එකක් පළඳින්න.

* කුඩ පාවිච්චි කරන්න.

* උණුකර නිවා ගත් වතුර හැකි තරම් පානය කරන්න.

* සීනි සහිත පාන, මද්‍යසාර සහිත පාන, කැෆේන් අධික පාන මේවා පාවිච්චිය එතරම් සුදුසු නොවේ. මේවා තුළින් විජලනය ඇතිවීමට පුළුවනි. ජලය මෙන්ම ඊට ආදේශක ලෙස තැඹිලි, කුරුම්බා වැනි පාන වර්ග භාවිත කිරීම සුදුසු වේ.

* වැඩිම උෂ්ණත්වයක් ඇත්තේ උදේ 11.00 සිට සවස 3.00 දක්වා කාලයේය. මේ කාලය තුළ අනවශ්‍ය ලෙස ව්‍යායාම කිරීම, අව්වේ නිරාවරණය වෙමින් සිරුරට අධික ලෙස දහඩිය දමන ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම වැදගත් වේ.

* දැනට විවිධ රෝග සඳහා ඖෂධ ගන්නේ නම් ඒවා නිසි පරිදි ගත යුතුයි.

* අධික උෂ්ණත්වය හෝ විජලනය නිසා කෙනෙක් අපහසුතාවෙන් පෙළෙන බව දුටුවේ නම් ප්‍රථමාධාර සිදුකිරීම, වෛද්‍ය උපදෙස් පැතීම වහාම කිරීමට යුහුසුළුවන්න.

මෙහිදී ප්‍රථමාධාර ලෙස සිසිල් සෙවණ සහිත ස්ථානයකට ගෙන යෑම, ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම, බුරුල් කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කිරීම කළ යුතුයි.

1990 අමතා සුව සැරිය ගිලන් රථ සේවයේ සහය හෝ ළඟම රෝහලේ ගිලන් රථය ලබා ගැනීමට ක්‍රියා කරන්න.

 

පාසල් දරුවන් සඳහා

* අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්වීම

* පාසල් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතුය.

* වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම.

* දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පිටතට ගෙනයාමෙන් වැළකීම.

* ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය/ කාලගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම වඩාත් සුදුසු වෙයි.

* පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘතව තැබීම හා විදුලි පංකා භාවිත කරන්නේ නම් පිරිසුදු වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යයෙන් විවෘතව පැවතිය යුතුයි.

 

උපදෙස්:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ

(පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ)

වෛද්‍ය චාන්දනී විදාන

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ

(වෛද්‍ය පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ)

ඉනෝකා සුරවීර

 

You may also like

Leave a Comment

Keep In Touch

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem.

Get in touch

    Are you sure want to unlock this post?
    Unlock left : 0
    Are you sure want to cancel subscription?