වාස්තු විද්‍යාව බිහි වී ඇත්තේ සොබා දහම හා සැබැඳියාවෙනි. ඉර, හඳ, ග්‍රහ පිහිටීම අනුව ජ්‍යොතිෂවේදය ඒ හා සබැඳි වාස්තු විද්‍යාව යන සියල්ල විශ්ව ශක්තිය මත පදනම් වෙයි. සොබා දහමේ සංතුලනයත් සමඟ සාදන නිවහනේ පිහිටීම අනුව ග්‍රහයන්ගේ බලපෑම සිදුවන්නේ එම නිවෙස නිසි අයුරින් වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කිරීමෙනි. මේ සඳහා ඉඩමේ පිහිටීමත්, නිවෙසේ අංග ස්ථානගත කිරීමත් නිසි අයුරින් සිදුකළ යුතු වෙයි.
මෙලෙසින් නිවෙසේ අංග නිසි ලෙසින් ස්ථානගත නොකිරීමෙන් සිදුවන අපල උපද්‍රව ගැන නිරන්තරයෙන් අපට අසන්නට දකින්නට ලැබෙයි. එසේම නිවෙසියන්ගේ සතුට හා නීරෝගි සම්පත්තිය ද අහිමි වෙයි. මෙය අප බාහිරව දකින ආකාරයට වඩා බොහෝ සංකීර්ණ ක්‍රියාවලියකි. ඇතැම් නිවාස ඉදිරියෙන් බැලූ විට ඉතාම අලංකාර ලෙසින් පෙනෙයි. නමුත් එම නිවෙසේ ඇතුළත කාමර, මුළුතැන්ගෙය, සාලය, වැසිකිළිය හා මැද මිදුල වැනි දේ නිසි අයුරින් ස්ථානගත නොකිරීම නිසා කාලයක් ගතවන විට නිවැසියන් නොසිතන විපත් හා ගැටලු ඇති වෙයි. මෙසේ සිදුවීමට විද්‍යාත්මක පසුබිමක් පවතී. ඒ නිසාම අපි මෙවර එවැනි අංග නිසි ලෙස ස්ථානගත කිරීම ගැන විමසා බලමු.
මුළුතැන්ගෙය
නිවෙසක ප්‍රධාන චරිතය බවට පත් වන්නේ ගෘහිණියයි. නිවෙසේ වැඩ කටයුතු රාශියක්ම පැවරෙන්නේ ද ඇයටයි. ඒ නිසාම නිවෙසක මුළුතැන්ගෙයි එම නිවෙසේ පදිංචි නිවැසියන්ට විශාල විශ්ව ශක්තියක් ලැබෙයි. නිවෙසක මූල්‍ය ශක්තිය හා ජීවි ගුණයත් නීරෝගි සම්පත ද වඩාත් බලවත් වෙන්නේ නිවෙසේ මුළුතැන්ගෙයිනි. ඒ නිසා මෙම මුළුතැන්ගෙය නිසි අයුරින් ස්ථානගත කිරීම ඉතාම වැදගත්ය. මේ සඳහා සුදුසු දිශා දෙකක් වාස්තු විද්‍යාෙව් පවතී. ගිනිකොන දිශාව සහ වයඹ දිශාව ඒ සඳහා වඩාත් යෝග්‍ය වෙයි.
ඊසාන සහ නිරිත දිශා මුළුතැන්ගෙය තැනීමට සුදුසු නොවෙයි. එයින් ඔබගේ නිවෙසට ප්‍රබල දෝෂ මතු කරයි. නමුත් මේ දිශා දෙක හැර අනෙකුත් දිශා ද මුළුතැන්ගෙයක් සඳහා වඩාත් අයහපත් නොවනු ඇත. ඉඩම් පිළිබඳ පවතින ගැටලුව නිසාම ඇතැම් විට ගිනිකොන සහ වයඹ දිශාවම තෝරා ගැනීමට නොහැකිවීමට ඉඩ තිබේ. නමුත් ගෘහමූලිකයාගේ කාල හෝරාව අනුව සීහුම් කළ වාස්තු විද්‍යාත්මක ගැළපීම අනුව ඊසාන සහ නිරිත දිශාව හැර වෙනත් දිශාවක් ඔබට ඒ සඳහා යොදා ගැනීමට හැකියාව තිබේ.
සාලය සහ විසිත්ත කාමරය
නිවෙසක් තැනීමේදී සාලය සහ විසිත්ත කාමරය සඳහා දිශාව තෝරා ගැනීමට ගෘහ මූලිකයාට සම්පූර්ණ නිදහස තිබේ. ඒ අනුව දිශා අටෙන් ඕනෑම දිශාවක් ඒ සඳහා යොදා ගැනීමට ඔබට අයිතිය පවතී. නමුත් වාස්තු විද්‍යාත්මක පදනම අනුව එම දිශා අටෙන් ප්‍රධාන දිශා හතරෙන් එකක් තෝරා ගැනීම සුබ වෙයි. ඒ අතුරින් උතුරු දිශාව සහ නැඟෙනහිර දිශාව වඩාත්ම සුබ බව වාස්තු විද්‍යාඥයන් පිළිගනියි. නමුත් අනෙක් දිශාවන් ද ඒ සඳහා අසුබ නොවන බවත් විසිත්ත කාමරය ඔබගේ කැමැත්ත අනුව යෙදීම කිසිම වරදක් නොවන බවත් පිළිගනියි.
නාන කාමරය
නාන කාමරයක් වර්තමානයේ සෑම නිවෙසකම ප්‍රධාන අංගයකි. එහිදී වැසිකිළිය සහ නාන කාමරය යන දෙකම එකට තැනීම වර්තමානයේ ක්‍රමවේදය වී තිබේ. මෙසේ සාදන වැසිකිළිය හා නාන කාමරය නිරිත දිශාව හෝ නිවෙසේ බ්‍රහ්ම පාදය පිහිටන හරි මැද යොදා නොගනියි. ඒ සඳහා නැඟෙනහිර, ගිනිකොන, දකුණ යන දිශා වඩාත් සුදුසු වෙයි. බස්නාහිර සහ වයඹ දිශා ද එයට සුදුසු වෙයි.
නිවෙසක උතුරු දිශාව ආරක්ෂා කරගැනීම වඩාත් යහපත් බැවින් වැසිකිළිය තැනීමේදී උතුරු දිශාවෙන් වයඹ දිශාවට බරව එය ස්ථානගත කරන්න. එසේ ස්ථානගත නොකිරීමෙන් අප නොසිතන නොපතන ග්‍රහ දෝෂ හා අමනුෂ්‍ය දෝෂ ප්‍රබල වෙයි. එයින් නිවැසියන්ට විවිධ රෝග පීඩා ඇති කරයි.
කෑම කාමරය
නිවෙසක කෑම කාමරය නිර්මාණය කරනු ලබන්නේ ඉතාම හොඳින් නිදහස් කලාපයකය. ඒ සඳහා ඊශාන සහ නිරිත දිශා හැර අනෙක් සියලු දිශාවන් සුදුසු වෙයි. විශේෂයෙන් නැඟෙනහිර සහ දකුණු දිශා වඩාත් යහපත්ය. එසේ වුවත් නිවෙසක මැද ප්‍රදේශය තෝරා ගන්නා විට නිවෙසේ බ්‍රහ්ම පාදය ගැන වඩාත් හොඳින් සලකා බලන්න. කිසිම විටෙක බ්‍රහ්ම පාදය හසු නොවන ලෙසින් එය තෝරාගන්න.
ප්‍රධාන නිදන කාමරය
ප්‍රධාන නිදන කාමරය ලෙස සලකන්නේ නිවෙසේ ගෘහ මූලිකයා සහ ගෘහිණිය නිදන ස්ථානයයි. එය නිසි අයුරින් ස්ථානගත කිරීම වඩාත්ම වැදගත්ය. ඒ සඳහා නිරිත සහ වයඹ යන දිශා වඩාත් සුබ දිශාවන් වෙයි. එම දිශා දෙකට අමතරව නැඟෙනහිර සහ උතුරු දිශා ද යහපත්ය. තවද ඊසාන සහ ගිනිකොන දිශා දෙක ද සුදුසු බව වාස්තු විද්‍යාෙව් සඳහන් වෙයි. නිවෙසේ ජීව ගුණය සමඟින්, සතුට රැකෙන ස්ථානය බවට පත්වන කේන්ද්‍රස්ථානය වන්නේ ප්‍රධාන නිදන කාමරයයි. එය නිසි ලෙස ස්ථානගත කිරීමෙන් නිවෙසේ සතුට සම්පත උතුරා ගලයි. එසේම නිවැසියන්ට ද එයින් ආශිර්වාදයක් ලැබෙයි.
අනෙකුත් කාමර
නිවෙසක අනෙකුත් කාමර ලෙස සලකන්නේ දරුවන් සඳහා වෙන් වූ කාමරයි. නිවෙසක සිරියාව උතුරා ගලන්නේ දරුවන්ගෙනි. ඒ නිසා එම දරුවන්ගේ මානසික ශක්තිය හා ධාරණ ශක්තිය වැඩි කිරීමටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් නිසි පසුබිමක් හා පරිසරයක් නිර්මාණය වී තිබිය යුතුය. මේ සඳහා දෙවියන් සිටින දිශාව ලෙස සලකන ඊසාන සහ වයඹ දිශා දෙක මේ සඳහා වඩාත් සුදුසු වෙයි. කිසිම අවස්ථාවක දරුවන්ගේ කාමරය නිරිත හෝ ගිනිකොන දිශාවන්ට තෝ්රා නොගන්න. එම දිශා දෙක හැර අනෙක් දිශා හයම ඒ සඳහා අයපත් නොවෙයි. නමුත් මුලින් සඳහන් කළ ආකාරයට වයඹ හා ඊසාන දිශා ඒ සඳහා යොදා ගත හැකි වේ නම් ගණ දෙවියන්ගේ බැල්ම හා ආශිර්වාදයත් ලැබෙයි. එසේම අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු හොඳ නිදහස් සාමකාමී පරිසරයක් ද නිර්මාණය කරගැනීමට හැකියාව උදාවෙයි.
පඩිපෙළ
නාගරික නිවාස සැලසුමක බොහෝ විට ඉහළ මහල සහ පහත මහල ලෙස කොටස් දෙකක් වෙයි. එහි පහත මහලේ සිට ඉහළ මහළට පිවිසීමට පඩි පෙළක් යෙදීම අනිවාර්යයෙන්ම කළ යුතුය. මෙය වාස්තු විද්‍යාත්මකව මෙන්ම තාක්ෂණික ක්‍රමවේදයට අනුව සිදුකළ යුතු කටයුත්තකි. එය නිසි දිශාවේ නිසි අයුරින් දෝලනය වෙන අයුරින් තිබියි යුතුය. එහිදී නිරිත සහ ඊසාන දිශාව හැර සෙසු දිශාවන් පඬි පෙළකට යෙදීමට සුදුසු වෙයි. එසේ පඬිපෙළක් යොදන විට කිසිම අවස්ථාවක බ්‍රහ්ම පාදය හසුවන අයුරින් එය යෙදීම සුදුසු නොවෙයි. මෙය ප්‍රබල වාස්තු දෝෂයකි. එසේ කිරිමෙන් නිවෙසේ ඉදිකිරිම් කටයුතු පවා මඟ නතර වීමට ඉඩ ඇති බව ප්‍රවීණ වාස්තු විද්‍යාඥයෝ දක්වයි. ඒ සඳහා පඩිපෙළ සෑමවිටම දක්ෂිණාවර්තව පිහිටන ලෙස සකස් කළ යුතු අතර පඬි සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් යෙදීමට සෑමවිටම වග බලාගත යුත්තකි. තවද පඬියක ප්‍රමාණය ගැන ද හොඳ අවබෝධයක් ඇති ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ උපදෙස් ලබාගත යුතු වෙයි.
උපදෙස්
ප්‍රවීණ ජ්‍යොතිෂඥවේදිනී අංක විද්‍යා විශාරද
සුජීවා කරුණාරත්න