අකුරු කියවීමේ චාරිත්‍රය ඔබේ දරුවාගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක්. දරුවාගේ හඳහනට අනුව සුබ වෙලාවක් බලා වැඩිහිටියන් ඒ සඳහා සියල්ල සූදානම් කරනවානේ. ඔන්න ඉතින් ඒ සඳහා අලුත්ම ට්‍රෙන්ඩ් එකකුත් දැන් තියෙනවා. මේ ඒ සඳහා පුංචි පුතෙකු වෙනුවෙන් කළ ඇඳුම් නිර්මාණයකි. එසේ නම් අපි නැෂනල් කමිසය මසාගන්නා පහසුම ආකාරය අද ඉගෙන ගනිමු.
අවශ්‍ය මිමි:-
උරහිස – අඟල් 8
පපුව වට – අඟල් 20
අවශ්‍ය කමිස උස – අඟල් 12
අත දිග – අඟල් 5
මිනුම් සංශෝධනය:-
උරහිස ÷2 + 1/2 (මැහුම් වාසි)
පපුව වට ÷ 4 + 1 1/2 (මැහුම් වාසි)
අත්කට සඳහා පපුව වට ÷ 4
කමිස උස + 1 1/2 (මැහුම් වාසි)
අත දිග + 1 1/2 (මැහුම් වාසි)
කොලරය සඳහා:-
(ඉදිරිපස කර වටය + පිටුපස කර වටය) ÷ 2
අත සැකසීම:-
උරහිස 4ට බෙදූ අගය A සිට C දක්වා ගන්න. A සිට B දක්වා අත උස ද C සිට D දක්වා උරහිස 2ට බෙදා අඟලක් එකතු කළ අගයද ලකුණු කරන්න.
කොලරය සැකසීම:-
A සිට B දක්වා උරහිස මූට්ටු කරගන්න. ඉන් පසුව ඉදිරිපස කර වටයේ හා පිටුපස කර වටයේ එකතුව දෙකෙන් බෙදා ලකුණු කරන්න. B සිට C දක්වා ඉදිරිපස කර 2න් බෙදූ අගය ලකුණු කරන්න. A සහ B හි මැද සිට C දක්වා කවාකාරව යා කරන්න. කොලරයේ උස අඟලක් හෝ අඟල් 1 1/4 ක් ලෙස ගන්න. මෙම ප්‍රමාණයටම පේපර් ස්ට්‍රිප් කොටසක්ද සකසා ගන්න. රෙද්දේද මැහුම් වාසි අඟල් 1/2ක් තබමින් කොලරය කපාගන්න.
මැසීමේ පියවර:-
මුලින්ම බොත්තම් කාස සඳහා ඉතිරි කළ අඟල් 2 කොටසට මැහුම් වාසි 1/2 එකතු කරගන්න. අඟල් 2ක් ලෙස ලකුණු කරගත් කොටසේ උඩට සිටන සේ එය තබා නමාගන්න. දැන් අඟල් 2ක් ලකුණු කළ කොටස උඩට මසාගන්න. ඉන්පසුව උරහිස මූට්ටු කරන්න. අත කොටස අල්ලා ගන්න. සාක්කුවද මැහුම් වාසි ඇතුළට නමා ඉදිරිපස පළුවේ තබා මසාගන්න. අංශය මූට්ටු කරන්න. අවසානයේ කොලරය මැද සිට දෙපසට මසා බොත්තම් අල්ලා අවසාන කරන්න.
උපදෙස්
මැහුම් නිර්මාණ ශිල්පිනි
ඉරෝෂි මොහන්දිරම්
රූ රටා:- නිලක්ෂි ආරියරත්න