Home ජ්‍යෙතිෂය මාර්තු 03 සිට මාර්තු 09 දක්වා

මාර්තු 03 සිට මාර්තු 09 දක්වා

by Test

මේෂ ලග්න හිමියන්ට නීති ප්‍රශ්න ඇති විය හැකිය

සිංහ ලග්න හිමියන් ගනුදෙනුවලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි

මේෂ 

 

නිතීමය ප්‍රශ්න ඇති විය හැකිය. වෙළෙඳ ව්‍යාපාර ආසාර්ථක වන කාලයකි. විදේශ ගත වීමට සිතා සිටී නම් රැවටිලිකාරයන්ට හසුවන කාලයකි. ගෘහ ජීවිතය ද කළකිරිම් ඇති කරයි. හදිසි අනතුරු වැටීම් පාද අස්ථි බෙඳීම් ඇතිවිය හැකියි.

 

වෘෂභ

 

නොසිතූ ලෙස කල්ගත වූ ණයක් ලැබීමේ වාසනාව ඇති වේ. ප්‍රසිද්ධියට පත්වන කාලයකි. සම්මුඛ පරීක්ෂණ තරග විභාගවලින් සාර්ථක වේ. විවාහ ජීවිතය ද සතුට සැනසුම ඇතිවේ. ලේ විෂ වීම්, උදරාබාධ ඇතිවිය හැකිය.

 

මිථුන

 

රැකී රක්ෂාවල දියුණුවක් ඇතිවෙයි. නව නිවාස ඉදිකිරීම්වලට සුභ වෙයි. වාහන විකිණීම්වලින් ලාභ ගෙන දෙයි. විවාහ ජීවිතය වෙනදාට වඩා සිතේ සතුට ගෙන දෙයි. දරුවන්ගේ කටයුතුවලට වෙහෙසෙයි. අස්ථි ස්නායු සම්බන්ධව ලෙඩ දුක් ගෙන දෙයි.

 

කටක

 

විදේශ ගත වීමට බලාපොරොත්තුවක් තිබේ නම් එය සාර්ථක වේ. අාගමට දහමට, දානමාන කිරීමට සිත යොමුවන කාලයකි. සමාජයෙන් තරමක් ගැරහිලි, නින්දා, අපහාස ලැබේ. ගෙදර දොර කළබල සහිත කාලයකි. ලේ විෂ විම් ආහාර අරුචිය වැනි රෝග තත්ත්ව ඇතිවේ.

 

සිංහ

 

මුදල් ගනුදෙනුවලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. යහළු මිත්‍රාදී‍න්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. ගෙදර පවුලේ අය සමඟ ද බහින් බස් වීමක්, වචන හුවමාරුවක් නිසා සිත් රිදීම් ඇතිවෙයි. මුදල් නිසා නිතර අාරවුල් ඇතිවිය හැකියි. හිසරදය, සෙම්රෝග වැනි ලෙඩ වැලඳිය හැකිය.

 

කන්‍යා

 

විවාහ ජීවිතයේ සතුට සැපත ගෙනදෙන කාලයකි. සමාජ ගත කටයුතුවලදී කැපීපෙනෙන නි‍ෙවසක් අලුත් වැඩියා කටයුතුවලට ඉතා ශුභයි. සතුරන් මර්දනය වන කාලයකි. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජනය, උෂ්ණ රෝග, ගැස්ට්‍රයිටීස්, යටි බඩ වැනි රෝග තත්ත්ව ඇති වෙයි.

 

තුලා

 

මුදල් ප්‍රශ්න මත ගැටලු ඇති විය හැකියි. රැකියාවේදී සුළු ගැටලුකාරි තත්ත්ව ඇති වී රැකියාව ගැන කළකිරිම් ඇති වෙයි. අධ්‍යාපනය හදාරණ දරුවන්ට අලස ගති, නිදිමත ගති ඇති වී ඉගෙනීම කඩා කප්පල් වේ. ගර්භාශගත රෝග, අාමාශ ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවේ.

 

වෘශ්චික

 

දරුවන්ගේ කටයුතුවලින් ඔවුන්ට ජයග්‍රහණයක් ඇතිවෙයි. විවාහ මංගල යෝග අැති වෙයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුපල ලැබෙන කාලයකි. රැකියාවේ සුළු උසස්වීමක් ලැබේ. හෘදය ආශ්‍රිත රෝග ස්නායු රෝග ඇතිවිය හැකිය.

 

ධනු

 

නි‍ෙවසක් අලුත් වැඩියා කටයුතු හෝ නව නි‍ෙවසක් මිලදී ගන්නා කටයුතු සාර්ථක වෙයි. නව රථ වාහන මිලදී ගැනීමක්ද සිදුවෙයි. ගෘහ ජිවිතය වෙනදාට වඩා සාමකාමී තත්ත්වයක් ඇති වෙයි. විදේශ ගත වීමට ද ඉඩ කඩ සැලසේ. පෙණහලුවල සෙම් රෝග වැඩිවිය හැකිය.

 

 

මකර

 

විදේශගතව කරන ව්‍යාපාර හෝ අන්තර්ජාලය මඟින් ව්‍යාපාර කරන අයට ඉතා ශූභ වෙයි. ව්‍යාපාර සාර්ථක වෙයි. සහෝදරයින්ගෙන් උදව් උපකාර ඇතිවෙයි. ගෘහ ජීවිතයට ඉතා ආදරණීය සතුට ගෙනෙන කාරණා යෙදෙන කාලයකි. උරහිසෙන් උඩ කොටසේ අසනීප තත්ත්ව ඇති විය හැකියි.

 

කුම්භ

 

මහන්සියෙන් හරි හම්බ කරන මුදල් ප්‍රවේශමෙන් අරපිරිමැස්මෙන් වියදම් කළ යුතුයි. දේපොළක් මිලදි ගැනීමට හෝ විකුණා ගැනීමට හැකි කාලයකි. කතාවෙන් කරන වෙළඳාමක් සාර්ථක කරගත හැකියි. සමාජගතව කරන කටයුතුවලදී සාර්ථක වේ. ප්‍රසිද්ධ වෙයි. උගුර, කන, නාසය වැනි ස්ථානවල සෙම්රෝග වැඩිවෙයි.

 

මීන

 

වෙනදාට වඩා ධෛර්ය සම්පන්නව තම ව්‍යාපාර කරයි. විවාහ ජීවිතයේ ගැටලු තිබුණා නම් ඒවා නිරාකරණය වෙයි. දරුවන්ගේ කටයුතුවලදී සතුට ගෙනෙන ආරංචි ගෙනෙන කාලයකි. නිතීයෙන් ගැටලු අැතිවිය හැකිය. හිසරදය හා සෙම් රෝග ඇතිවිය හැකි කාලයකි.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි සංගීතා වික්‍රමසිංහ

 

[email protected]

You may also like

Leave a Comment

Keep In Touch

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem.

Get in touch

    Are you sure want to unlock this post?
    Unlock left : 0
    Are you sure want to cancel subscription?