Home රූපලාවණ්‍ය මුලින්ම ප්‍රසන්න වෙන්න

මුලින්ම ප්‍රසන්න වෙන්න

ඔබත් එවැනි කේශලාවණ්‍ය ශිල්පියෙක්ද?

by Test

කේශලාවණ්‍ය ශිල්පියකු ප්‍රගුණ කළ යුතු ගු ණාංග සහ ආකල්ප කෙරෙහි විශේෂිත සැලකිල්ලක් දැක්විය යුතුයි. වෘත්තීමය සාර්ථකත්වය ඇතිවන්නේ එවිටයි.

 

“මම යන සැලොන් එකේ lady නම් හරිම හොඳයි, බයක් නැතුව එයා ගාවට ඕන තරම් අයව යවන්න පුළුවන්.”

ඔබත් එවැනි කේශලාවණ්‍යාගාරයක හිමිකාරිනියක්ද. ?

පෞද්ගලික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම

මෙහිදී නීරෝගි බව ප්‍රධාන වෙයි. පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් වනවා සේම නිසි වේලාවට එය ගැනීමටත් සැලකිලිමත් විය යුතුවේ. එසේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමද වැදගත් වේ.

ගැළපෙන විලාසිතා අනුගමනය කිරීම

විලාසිතා පිළිබඳ තීරණය කිරීමේ දී තමාගේ සිරුරට වෘත්තියට වයසට ගැළපෙන්නේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. මෙහිදී ඔබ යොදා ගන්නා ඇඳුම් විලාසිතාව එය ඔබගේ හිසකෙස් විලාසිතාව සමේ වර්ණ අනුවද ගළපා ගැනීමට සැලකිලිමත් වන්න. පාවහන් තෝරා ගැනීමේ දී කාලීන විලාසිතා වලට ගැළපෙන ලෙස තෝරා ගන්න. එසේම ඒවා පැලඳ සිටීමේදී සිරුරට පහසු විය යුතුද වේ.

සමට සහ කෙස්වලට ගැළපෙන ආලේපන භාවිතය

නීරෝගි කෙස් කලඹක් සහ නීරෝගි සමක් නඩත්තු කරගෙන යෑමට ඔබට ආලේපන වර්ග පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් තිබිය යුතුවේ. ඒවා මනා දැනුම්වත් වීමකින් සහ අවබෝධයකින් භාවිත කිරීම තමාටත් අන් අයටත් වාසි සහගත වේ.

නිවැරදි ඉරියව් භාවිත කරමින් ක්‍රියාවේ නිරත වීම

නිවැරදි ඉරියව් භාවිතය තුළින් තමාට හොඳ පෞරුෂයක් ගොඩනඟාගත හැකි සේම වැරදි ඉරියව් නිසා ඇතිවන අතුරුආබාධ වලින් වැළකීමටද හැකි වේ. ඒතුළින් ඔබ සතු කාර්යයන් කාර්යක්ෂමව කිරීමට හැකියාව ලැබේ. කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමටද ඉන් හැකියාව ලැබේ.

වෘත්තියට අදාළ නීතිමාලා

නියමිත වේලාවට වැඩ කරන අයෙක් විය යුතුයි. මෙහිදී ඔබගේ වගකීම්ද නිසි ලෙස ඉටුවේවි. ඔබ ජාති ආගම් භේද පිළිබඳව මිනිසුන් වර්ගීකරණය කරමින් කටයුතු නොකළ යුතුයි. ඉවසීමෙන් හොඳ දැනුම්වත් බවකින් හා ඇහුම්කන්දෙන්නෙක් ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. සේවා දායකයා සමඟ කටයුතු කරමින් සිටියදී දේශපාලන මත ඉස්මතු කිරීම ඉතාමත්ම නුසුදුසු කර්තව්‍යයක් වේ.

 

සේවාලාභියා සමඟින් කතාබහ කරන ස්වරය

සේවාදායකයා සමඟ සංවාදයකදී ඔබ හොඳ ඇහුම්කන්දෙන්නෙකු විය යුතු සේම ඔබ ඔහු හෝ ඇය සමඟ කතා කිරීමේදී මෘදු වචන භාවිත කිරීමට, සුහදව, ගෞරවාන්විතව කතා කිරීමට සැලකිලිමත් විය යුතුවේ.

දුරකතන ආචාර ධර්ම පිළිබඳ අවබෝධය

දුරකතන සංවාද ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට අතිශය වැදගත් කාරණයකි. මෙහිදී ඔබ හැකි තරම් ආචාරශීලී විය යුතුයි. එය ඔබේ කේශලාවණ්‍යාගාරයට මනා ප්‍රවර්ධනයක් ලබාගත හැකි වෙනවා සේම දුරකතනය තුන්වරක් නාද වීමට පෙර ඊට පිළිතුරු ලබාදිය යුතුවේ. පැහැදිලි සැහැල්ලු කාරුණික වචනය පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. දුරකතන සංවාදය අතරතුර කෙටි වචනවලින් ප්‍රතිචාර දැක්විය යුතුවේ. සංවාදය අවසානයේ සුභපැතුමකින් එය අවසන් කළ යුතුයි. සේවාදායකයා අසන පැනවලට පිළිතුරු ලබාදිය යුත්තේ ඉවසිලිවන්තව සහ සාවධානව ඇහුම්කන් දීමෙනි. ඔබ ලබාදෙන පිළිතුරුවලින් සේවා දායකයාට උපරිම සාධාරණයක් ඉටුවිය යුතුයි.

යම් හෙයකින් සේවාදායකයා ඔබව අමතන්නේ ආවේගශීලී වචනවලින් නම් ඉවසිලිමත්ව ඊට සවන් දෙන්න. සේවාදායකයාට පෙරළා ඔබ පිළිතුරු දිය යුත්තේ සුහදවයි.

සාධාරණ ලෙස මුදල් අය කිරීම

සේවාදායකයාගේ තරාතිරම නොබලා ඔහුට හෝ ඇයට කැපවීමකින් ඔබේ සේවය අවංකව ලබාදිය යුතුයි. ඒ සඳහා සාධාරණ මුදලක් ලබා ගන්නේ නම් මැනවි.

හැමවිටම ගුණාත්මක අමුද්‍රව්‍ය එක්කිරීම

ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන භාවිත කිරීම කේශලාවණ්‍යාගාරයකට කොහෙත්ම සුදුසු නොවේ.

 

කොණ්ඩයට ආදරය කිරීම

කේශලාවණ්‍ය ශිල්පියා හැමවිටම තම සේවාදායකයාගේ හිස කෙස් කෙරෙහි ආදරයක් ඇතිකර ගත යුතුයි. එවිටයි ඔබ අතින් කේශලාවණ්‍ය සත්කාරයන් උපරිමයෙන්ම සිදු වෙන්නේ.

 

යහපත් මානසික පැවැත්මක් ඇති අයෙක් වීම

ශාරීරිකව නීරෝගි බව මෙන්ම කේශලාවණ්‍ය ශිල්පියාට හොඳ මානසික නීරෝගි බවක්ද අත්‍යවශ්‍ය වේ. ඔබ ආතතියෙන් යුක්තව ආවේගශීලීව කතාබහ කරන හෝ වැඩ කරන අයෙක් නම් ඔබගේ වැඩවලට සාධාරණයක් ඉටුකළ නොහැකි වනු ඇත.

මානසිකව නීරෝගිව සිටීම ඔබව ප්‍රබෝධවත් කරනු ඇත. ඒ තුළින් සේවා දායකයාට ඔවුන් බලාපොරොත්තු වන සේවාව නිසි අයුරින්ම ලබාදීමට හැකිවනු ඇත. ඉතා හොඳ මානසික පැවැත්මකින් යුක්තව ප්‍රායෝගිකව කරන ක්‍රියාකාරකම් බෙහෙවින්ම සාර්ථක වනු ඇත.

උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
(NVQ Level – 4 )
නදීකා පෙරේරා

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Keep In Touch

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem.

Get in touch

    Are you sure want to unlock this post?
    Unlock left : 0
    Are you sure want to cancel subscription?