Home සුවමඟ වියදම් නොකරම වතුරෙන් නීරෝගි වෙන හැටි

වියදම් නොකරම වතුරෙන් නීරෝගි වෙන හැටි

by Test

සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ ක්‍රම දෙකකින් සීනි ශරීරයට ලැබේ. එනම්, ස්වාභාවිකව ආහාරවල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය. සීනි මඟින් ශරීරයට ශක්තිය ලැබෙන අතර, මිනිස් සිරුරේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නමැති සීනි වර්ගයයි. සීනිවල ඇති විශේෂිතම ගුණාංගයක් වන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය මඟින් වේගයෙන් අවශෝෂණය කරගැනීමයි.

 

සීනි භාවිතය අඩුකර ඔබේ ආයුෂ වැඩි කරගන්නේ කොහොමද?

අප ගන්නා ඇතැම් ආහාරවල ස්වාභාවිකව සීනි අඩංගු වන බැවින්, සීනි අමතරව එකතු කිරීමේ අවශ්‍යතාවයක් නැත. අපි එසේ කිරීමට හුරුව ඇත්තේ, කුඩා කල සිටම සීනි භාවිතයට හුරුවී එයට ඇබ්බැහි වීම නිසාවෙනි. කෙසේ වුවත්, වැඩිහිටියෙක් දිනකට භාවිත කරන සීනි ප්‍රමාණය කැපූ තේ හැඳි 6 ක උපරිමයකට සීමා කළ යුතු වේ. මක්නිසාද, තරබාරු නොවූවත් අප වැනි ආසියාතිකයන්ට දියවැඩියාව වැලඳීමේ අවදානම අනෙක් ජාතිකයන්ට සාපේක්ෂව වැඩි බැවින්, ආහාරවලට එකතු කරන සීනි ප්‍රමාණය පිළිබඳව මෙන්ම, ආහාරවල අඩංගු වන සීනි ප්‍රමාණයන් පිළිබඳව ද සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ. සීනිවල ග්ලූකෝස් අන්තර්ගත වුවත් අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ අන්තර්ගත නොවේ. එම නිසා පෝෂණ විද්‍යාඥයෝ සීනි හිස් කැලරි යනුවෙන් හඳුන්වති.

මෙහි විශේෂ ප්‍රෝටීන් නැත. මේදය, විටමින්, ඛනිජ ලවණ ද නොමැත. අඩංගු වන්නේ ශක්තිය පමණි. සාමාන්‍යයෙන් මිනිසුන් තමන්ගේ කැලරි අවශ්‍යතාවයෙන් 10% – 20%කට වැඩි ප්‍රමාණයක් සීනිවලින් ලබාගත් විට එය පෝෂණ ඌනතාවයට ප්‍රධාන හේතුවකි. එසේම දත්වලට ඉතාම අහිතකරය. සීනි, මුඛයේ ජීවත් වන බැක්ටීරියා පහසුවෙන් දිරවිය හැකි ශක්තියක් ලැබෙන ද්‍රව්‍යයක් වීම එයට හේතුවයි.

අප ගන්නා ආහාරයේ ඇති වැඩිපුර සීනි අක්මාවේ මේදය ලෙස තැන්පත් වූ විට එය LDL කොලෙස්ටරෝල් බවට පත්වේ. මෙසේ අක්මාවේ තෙල් තැන්පත් වීම දිගින් දිගටම සිදුවුවහොත් නන් අල්කොහොලික් ෆැටිලිවර් ඩිසීසස් සෑදේ. මෙය බටහිර රටවල්වල මිනිසුන් අතර බහුල පරිවෘත්තීය ක්‍රියාවන්ට අදාළ රෝගයකි. සාමාන්‍යයෙන් ග්ලූකෝස් අවශ්‍ය ප්‍රමාණයට වැඩි වූ විට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

සිනීඅධික ග්ලූකෝස් ප්‍රමාණයක් ලේවලට එකතු වීමෙන් විෂ තත්ත්වයක් ඇතිවිය හැකිය. අහිතකර වීමෙන් දියවැඩියාවෙන් අන්ධභාවය ද ඇතිවිය හැකිය. එසේම අධික සීනි අනුභවය පරිවෘත්තීය ක්‍රියාවලියට බාධාවක් වී ඉන්සියුලින්වල කාර්යභාරය අඩපණ කරයි.
ඉන්සියුලින්වල නියම ක්‍රියාව අඩපණ වීම මඟින් විවිධ රෝග ඇති කරයි.

 

විශේෂයෙන් අධික තරබාරැව, හෘද රෝග සහ දියවැඩියාව මේ නිසා ඇතිවේ. එමෙන්ම පිළිකාමය තත්ත්වයන් ඇතිවීමට සීනි හේතුවන බව කරනු ලබන විවිධ පරීක්ෂණවලින් සනාථ වී ඇත.

ආහාර ගැනීමේදී මෙන්ම, මිලදී ගැනීමේදී ද ඒවායේ අඩංගු වන සීනි ප්‍රමාණයන් පිළිබඳව සැලකිලිමත් වන්න. ඇසුරුම් කරන ලද ආහාර වර්ග මිලදී ගැනීමේදී එහි ලේබලයේ දක්වා ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් පිළිබඳව කියවා බැලීමට පුරුදු වන්න.

 

මෙසේ සීනි භාවිතය අඩුකිරීම කළයුත්තේ ඇයි?

 

සීනි වැඩිපුර භාවිත කිරීම මඟින් අපේ සිරුරට හානි සිදුවේ. රුධිරයේ අඩංගු වන සීනි ප්‍රමාණය වැඩි වීමෙන්, රුධිර වාහිනීවලට හානි සිදුවන අතර, එමඟින් ස්නායුවල, ඇස්වල, සහ වකුගඩුවල දුර්වලතා ඇතිවේ. එමෙන්ම, අප වැඩිපුර ගන්නා සීනි, ශරීරය මඟින් මේදය හෙවත් තෙල් බවට හරවා සිරුරේ විවිධ ස්ථානවල තැන්පත්කර, තරබාරුවීම ඇතිකරයි. එමඟින්, දියවැඩියාව, හෘදයාබාධය, අංශභාගය වැනි දරුණු රෝග වැලඳීමේ අවදානම ද වැඩි වේ.

සීනි භාවිතය අඩු කිරීමට අපට කළ හැකි උපක්‍රම

 

කුඩා කල සිටම ඔබේ දරුවා සීනි අධික ආහාරවලට හුරු කිරීමෙන් වළකින්න. එමෙන්ම, ඔබේ දරුවාගේ ආහාර වේලට අමතරව සීනි එක්කිරීමෙන් හැකිතරම් වළකින්න. එමඟින්, ඔබේ දරුවා සීනිවලට හුරුවීම වළක්වාගත හැකි වේ. හැකි සෑමවිටම පැණිබීම, පලතුරු බීම, සිසිල්බීම වැනි දේවල් වෙනුවට ජලය පානය කිරීමට හුරුවන්න. අතුරුපසට රසකැවිලි වෙනුවට ස්වාභාවික, නැවුම් පළතුරු භාවිත කරන්න. පලතුරු සලාද සකස් කරගන්නා විට, අමතරව සීනි එකතු කිරීමෙන් වළකින්න. රසකැවිළි ආහාරයට ගන්නේ නම්, ඒවා කුඩා ප්‍රමාණයන්ට සීමා කරන්න. තේ හෝ කෝපි වැනි පානයන් සකස් කරගන්නා විට සීනි නොමැතිව හෝ සීනි තේ හැන්දක් පමණක් යොදා පානය කිරීමට හුරුවන්න. චොක්ලට්, බිස්කට්, කේක් සහ කුකීස් වැනි ආහාරවලින් හැකිතාක් ඈත් වන්න. සෑම රාත්‍රියකම නින්දේ දී සීනි ග්‍රෑම් 10 කින් අඩු වන බව සොයාගෙන ඇත. ඒ නිසා හොඳින් නිදාගන්න. ඒ වගේම ඇවිදීම, දිවීම වැනි ව්‍යායාමයක් කිරීමෙන් රුධිර සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරී වන අතර, රුධිරයේ සීනි හෝමෝනය වන ඉන්සියුලින් වඩාත් ඵලදායී කරයි. එබැවින් ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් වන ශරීරයට ලබා ගන්නා සීනි ප්‍රමාණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

 

උපදෙස් –

ශරීර යෝග්‍යතා උපදේශිකා

මෙත්මා බිසේකා නානායක්කාර

 

[email protected]

You may also like

Leave a Comment

Keep In Touch

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem.

Get in touch

    Are you sure want to unlock this post?
    Unlock left : 0
    Are you sure want to cancel subscription?