විටෙක දියණියක් තවත් විටෙක බිරියක් මවක් ලෙසින් තම නිෙවසේ කිරුළ හිමි කුමරියක වන ඇය, නෙක නෙක රටා මවමින් ගෙත්තමින් දස්කම් පාමින් Made in Sri Lanka නම් වූ කිරුළ අප මාතෘ භූමියේ හිස මත පලඳවන්නට දරන්නා වූ වෑයම අප අනිවාර්යෙන්ම අගය කළ යුත්තකි.
ඇඟලුමක පවතින්නා වූ ඉහළ ගුණාත්මකභාවය ශ්‍රී ලංකා ඇඟලුම් සඳහා විදේශිකයන් තුළ පවතින විශ්වාසය අඛණ්ඩව තබා ගැනීමට බෙහෙවින්ම ඉවහල් වී ඇත. සන්නාලිය වර්තමානය වන විට එය හුදෙක් රැකියාවක් පමණක් නොව, ශ්‍රී ලංකා ආර්ථිකය හසුරුවන කොඳුනාරටිය වී හමාරය. පසුගිය කොවිඩ් වාතාවරණය හමුවේ වුවද නොසැලෙමින් ආර්ථිකය සවිමත් කරන්නට මෙම ඇඟලුම් ක්ෂේත්‍රය ඉවහල් වූ බව ඔබට යළි යළිත් පසක් කිරීමට අවශ්‍ය නොවන්නක් බව අපගේ හැඟීමයි. මේ වන විට එම යුගය පසුකර වසර කිහිපයක්ම ගත වී හමාරය. ඇඟලුම් ක්ෂේ්ත්‍රය බෙහෙවින්ම තරගකාරී වී ඇත. කෙසේ වෙතත් පසුගිය විසි දෙවසර පුරාවට විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සන්නාමයන් අතර දිදුලන සන්නාමයක් වන්නට සිරියෝ අපට හැකියාව ලැබී ඇත.
සාමාජික සාමාජිකාවන් 50 දෙනෙකුගෙන් 2002 ඔක්තෝම්බර් 18 දින බඩල්ගම දී ආරම්භ වූ අප ආයතනය මේ වනවිට සාමාජික සාමාජිකාවන් 2500 කට අධික පිරිසකගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරනා මහා බලවේගය වී හමාරය. පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව ප්‍රදේශයේ සුවහසක් තරුණියන් සිරියෝ අප සමඟ අත්වැල් බැඳගන්නේ කප්පරක් වූ සිහින තම දෙවුර මත පටවා ගනිමින්ය. එම නිසාවෙන්ම එම සිහින සිහිනයක් ම පමණක් වන්නට දී වියැකී යාමට ඉඩ නොදී යථාර්ථයක් බවට පත් කරලීමට අපට ඇත්තේ යුතුකමටත් වඩා එහා ගිය වගකීමකි. සිරියෝ අප පුහුණු පාසල තුළින්ම ජීවිතයට හරි පාර පෙන්වන්නට උත්සාහ කරන අප සෑම විටම ඔවුන් පුහුණු කරන්නේ නැති දේවල් ගැන පසුතැවිලි නොවී අදෝවන් පසෙකලා උත්සාහවන්ත වෙමින් ඒවා ළඟා කරගනිමින් ජීවිතය නම් වූ යාත්‍රාව පදවන ලෙසයි. එලෙසින් සිරියෝ සමඟ එක්වී ජීවිතය හරි පාරට ගෙන ජයගත් කිහිප දෙනෙකුගේ අදහස් මෙලෙසින් ගෙනහැර දක්වන්නෙමු.
“නිතරම සතුටින් සේවය කරන සේවක පිරිසක් කියන්නෙම ආයතනයකට විශාල ආයෝජනයක්”
ආයතනයේ මානව සම්පත් අංශය විදියට අපි නිතරම සොයාබලන්නේ අපේ කාර්යමණ්ඩලයේ සිටින සෑම සාමාජිකයෙකුම නිතරම සතුටෙන් සේවය කරනවද කියල. ඒ සඳහා පළපුරුදු දක්ෂ කාර්යමණ්ඩලයක් අප මානව සම්පත් අංශය සතුව සිටිනවා.
ඇත්තටම මෑතකදී ආයතනයේ සේවය කරන සාමාජික සාමාජිකාවන් විසින්ම 93% ඉතා ඉහළ ප්‍රතිශතයක් එක්ක Great Place to Work සම්මානයෙන්, ඕනෑම කෙනෙක්ට සේවය කිරීමට සුදුසු ආයතනයක් ලෙස අපව ඔසවා තැබීමම අපේ ඒ උත්සාහය මල් ඵල ගැන්වී ඇති බවට වඩා හොඳ සාක්ෂියක් කියලයි මට නම් හිතෙන්නේ. ආයතනයට ප්‍රවේශ වීමේ සිටම අප ඔවුන් වෙත තිළිණ කරන්නේ මානසික නිදහස සපිරි ගස් කොළන්වලින් පිරුණු පරිසර හිතකාමී වටපිටාවක්. ඒ නිවසේ දහසකුත් එකක් වැඩ රාජකාරි නිමකර ලහි ලහියේ පැමිණෙන ඔවුන් මඳක් හෝ අස්වසාලීමේ අරමුණෙන් යුතුවයි.වර්තමාන තරගකාරී ජීවන රටාව තුළ පුද්ගලික ගැටලු මතුවීම සුලබ කාරණයක් වුවත් එවැනි අවස්ථාවකදීවත් අප ඔවුන්ව මඟහැර යන්නේ නම් නැහැ. ඔවුන්ට අවැසි උපදෙස් ලබා දීම වෙනුවෙන් අප ආයතනයේ මනෝ උපදේශකවරිය නිරන්තරයෙන් සූදානම්ව සිටින්නේ ඒම උතුම් අදහස පෙරදැරිවයි. ඒ විතරක් නොවෙයි, අසනීප වූ විට පවා ඒ සඳහා නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ පළපුරුදු වෛද්‍ය නිළධාරීන්ගේ සේවාව සහ පලපුරුදු හෙද නිළධාරිනියන්ගේ සුහදශීලි සේවාව ආයතනය තුළින්ම අප විසින් සපයලා දීලයි තියෙන්නේ. එයට අමතරව අප සිරියෝ ආයතනය වසර පුරාවටම සාමාජික සාමාජිකාවන්ගේ කණ්ඩායම් හැඟීම මෙන්ම රසාස්වාදය වැඩිදියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා වසරක් පාසා පවත්වන වාර්ෂික සුහද හමුව, කාන්තා දින සැමරුම, ආගමික වැඩසටහන් මෙන්ම සාහිත්‍ය මාසය තේමා කරගනිමින් පවත්වන විවිධ වැඩසටහන් පමණක් නොව අප සාමාජික සාමාජිකාවන්ගේ පවුලේ අයගේ සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා වසරක් පාසා සෞඛ්‍ය කඳවුරක්ද පවත්වනු ලබනවා.
ඊට අමතරව ප්‍රවාහන පහසුකම් සහ උදෑසන ආහාර වේල නොමිලයේ ලබා දීම සිදු කරන අතර, දිවා ආහාර වේල සහනදායී මිලට සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම් සිදු කරනවා. තම සේවා කලය අනුව ලබා දෙන ණය පහසුකම අනුව අධ්‍යාපන, නිවාස සහ වාහන සිහිනය සැබෑ කරගත් අය මෙහි ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම තම දක්ෂතාවය සහ කැපවීම අනුව විධායක තනතුරු දක්වා යාමට හැකියාව පවතින අතර, වසරක් පාසා වැටුප් වර්ධක සහ උසස්වීම් ලබා දීම හරහා ඔවුන් නිරන්තරයෙන් අභිප්‍රේරණය කරනු ලබනවා.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙය නම් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් බඩල්ගම සිරියෝ අප උපයන විදේශ විනිමයවලින් ලබාදෙන ප්‍රතිලාභ අප සාමාජික සාමාජිකාවන්ට පමණක් සීමා වන්නේ නම් නැහැ.අවට පන්සල්, පල්ලි, රෝහල් සමාජ සංවිධාන ළමා නිවාස මෙන්ම වැඩිහිටි නිවාසවල සාමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් ද සිරියෝ අප නිරන්තරයෙන් එක් වෙන්නේ එම ප්‍රතිලාභ ඔවුන් සමඟින්ද බෙදා හදා ගැනීමටයි.
ඉතින් මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්නට කැමති සිරියෝ පවුල සමඟ අත්වැල බැඳගෙන ඔබ ශක්තිමත්ව ගොඩනැඟෙන ගමන් ඔබේ පවුලටත් සවියක් වී සමාජයටත් යහපතක් කරන ගමන් රටේ ආර්ථිකය ගොඩනංවන දිරි ඇති කාන්තාවක් වන්නට.