Home විශේෂාංග සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද මානෙල් සිරියයි

සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද මානෙල් සිරියයි

by Test

හැමදාමත් නෙතට හුරු අපි දන්නා කියන මානෙල් අතරේ වෙනස්ම වර්ණවලින් යුතු මානෙල් වර්ගයක් දකින්න කැමැතියි නේද? ඔබට මතක ඇති පසුගිය සතියේ විචිත්‍ර වර්ණවලින් අලංකෘත වූ නිවර්තන මානෙල් වර්ග කිහිපයක්ම අප ඔබට ඉදිරිපත් කළා. එහෙමනම් අද අපි තවත් මානෙල් වර්ගයක් වූ දැඩි මානෙල් (Hardy Water Lily) හඳුනා ගනිමු.

 

දැඩි මානෙල්

 

නමට සරිලන ආකාරයටම මේ මානෙල් වර්ග දැඩිය. ඝනකම් රවුම් පත්‍ර, ඝනකම් නටු මෙන්ම පිරුණු තරමක් විශාල මල් ද දැකිය හැකියි. දුටුවන්ගේ නෙත සිත පැහැරගන්නා මේ මානෙල්, නිවර්තන මානෙල් සමඟ සංසන්දනය කරනවිට දිනපතා මල් ලබා නොදේ. එමෙන්ම නිවර්තන පැළයකට වඩා වැඩි ඉඩක් ද අවශ්‍ය වේ. වැඩි ඉඩ සේම වැඩි ජල ප්‍රමාණයක්, වැඩි පස් හෝ මඩ ලබාදිය හැකි නම් හොඳින් මල් හටගන්නා දැඩි මානෙල් ප්‍රභේද කිහිපයක්ම ඇත.

 

ශාක ප්‍රචාරණය කඳ කොටස් මඟින්

 

මේවායේ කඳ කොටස් කඩා වෙන්කර පැළ ලබා ගැනීමේ හැකියාව තිබේ. එමෙන්ම පැළ ලබා ගන්නට මවු ශාකයක් සාදා ගැනීමට ද විශාල ඉඩක් අවශ්‍ය නොවන අතර කුඩා ඉඩක වුවද පහසුවෙන් වැවිය හැකියි.

 

දැඩි මානෙල් ප්‍රභේද

 

* පාර්නි (Parnee)

* පින්වෙයාරි (Pinwaree)

* කොලරාඩෝ (Colarado)

* සියම් ෆැන්ටසි (Siam fantacy)

* සියම් ජැස්මින් (Siam Jasmine)

* මනි සියම් (Mony Siam)

* මනි රෙඩ් (Mony red)

* ග්ලෝරියොසා (Gloriosa)

* ෆයර් ඕපල් (Fire Opal)

* ජැක්කෆොන්ග් (Jakkaphong)

* පින්ක් ඩවුන් (Pink Dawn)

* හොලන්ඩියා (Hollandia)

 

රෝග සහ පළිබෝධ හානි

 

නෙළුම් සහ මානෙල් යනු තරමක භාෂ්මික වගා මාධ්‍යයක් ප්‍රියකරන ශාක වේ. නමුත් තෙත් කලාපයේ භාවිත වන වගා මාධ්‍යයේ පොහොර සහ නිතර ඇද හැලෙන වර්ෂාවත් සමඟ ජලය සහ වගා මාධ්‍යය තුළ ආම්ලික බව වැඩිවීමට ඉඩ තිබේ. මෙලෙස ආම්ලික බව වැඩිවීමත් සමඟම මේ වගාවට දිලීර ආසාදන වැලඳීමේ ඉඩකඩ වැඩිය. ඒ අනුව ප්‍රධාන වශයෙන් මානෙල් වගාව ආශ්‍රිතව රෝග 03ක් හඳුනාගෙන තිබේ.

 

01. මුල් කුණුවීම

02. අග්‍රස්ථය කුණුවීම

03. පත්‍ර ලප

 

පොදු රෝග ලක්ෂණ

 

* ක්‍රම ක්‍රමයෙන් මල් හට ගැනීම අඩු වීම.

* පත්‍ර විකෘති වීම හා ප්‍රමාණයෙන් කුඩා වීම.

* පෙනුමෙන් පත්‍ර නීරෝගි බව පෙණුනත් අතින් ඇද්ද විට ගැලවී යාම.

* ඒවායේ මූල පද්ධතියම කළු පැහැ වී රයිසෝමය කුණු වී තිබෙනු දැකිය හැකි අතර තද දුර්ගන්ධයක් වහනය වේ.

* පත්‍ර මත කුඩා ලප ඇති වී ඒවා ක්‍රමයෙන්

විශාලව පත්‍රයම කළු පැහැ ගැන් වී මිය යයි.

 

මෙම ලක්ෂණ මතු වී මාස 2 – 3ක් ඇතුළත ප්‍රතිකාර නොකළහොත් ගස සම්පූර්ණයෙන්ම මියැදීමට ඉඩ තිබේ.

 

ප්‍රතිකාර

 

* හඳුනාගත් විගස ශාකය ගලවන්න.

* පිරිසුදු ජලයෙන් මූල පද්ධතිය සෝදා මැරුණු සහ කුණුවන කොටස් ඉවත් කරන්න.

* මූල මණ්ඩලය සහ ආසාදිත කොටස් කොන්ඩිස් හෙවත් පොටෑසියම් පර්මැංගනේට් අඩංගු ද්‍රාවණයක ගිල්වා තබන්න.

* නැතහොත් ගස Tebiuconasol දිලීර නාශකය දිය කර ගත් ද්‍රාවණයක හොඳින් ගිල්වා විනාඩි 2 – 3ක් තබා ගොඩට ගෙන දිය බේරීමට තබා නව වගා මාධ්‍යයක සිටුවන්න.

* නව වගා මාධ්‍යය සැකසීමේදී ශාකය සිටුවීමට දින 4 -5කට පෙර ඩොලමයිට් යොදා වගා මාධ්‍යයේ ආම්ලික බව අඩු කරන්න.

* සිටුවාගන්නා දිනයේම TSP ස්වල්පයක් මාධ්‍යයට කලවම් කිරීමෙන් මුල් හට ගැනීමට අවශ්‍ය පොස්පරස් පෝෂකය ගසට ලබාගත හැකිය.

* මෙලෙස සිටුවා දින පහක් පමණ ගත වන විට නව දලු ලියලීම අපේක්්ෂා කළ හැකිය.

උපදෙස් –

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය

 

 

[email protected]

You may also like

Leave a Comment

Keep In Touch

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui ratione voluptatem.

Get in touch

    Are you sure want to unlock this post?
    Unlock left : 0
    Are you sure want to cancel subscription?