ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ – 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් –
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ
අත පය හිරිවැටීමකට ලක් නොවුණු කෙනෙක් හොයා ගන්න නැති තරම්. හැබැයි මේ විදිහේ හිරිවැටීම්වලට ඔබට නිතර නිතර මුහුණ දෙන්න සිදු වේ නම් ඒ ගැන අවධානය යොමු කරන එක ටිකක් වැදගත්.
හිරිවැටීමකදී සිදුවන්නේ පහස නොදැනීමයි. ඔබේ සිරුරේ එක් අංශයක් හිරිවැටුණු විට එයට කිසිදු දැනීමක් නැති වී යනවා. මෙම තත්ත්වය නිතර නිතර ඇති වෙනවා නම් එය ඔබේ මනසට හානි කරන්න පටන් ගන්නවා. සිරුරේ අත් පාවල චලනයන්, ස්පර්ශයන් නොදැනීම් ආදිය සිදු වන විට එම තත්ත්වය මනසට බලපෑම් ඇති කරනවා. එමඟින් මානසික ආතතිය ඉහළ යන අතර අධිකව කෝපයට පත්වීම, හැඬුම් ඇති වීම, ඉවසීම අඩු වීම වැනි ව්‍යාකූලත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙහිදී බාහිර සබඳකම් සහ හිතවත්කම් පවා දුර්වල වෙන්න පුළුවන්. නමුත් මෙවැනි හැසිරීම්වලට හිරිය සැඟවුණු හේතුවක් විය හැකි බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. නිතර නිතර හිරිවැටීම් වලට ලක්වෙන අයෙකුගේ මනස අසමතුලිතතාවට පත් වීම නිසා ඔවුන්ගේ හැඟීම් නිරන්තරයෙන් වෙනස් වෙනවා. රෝගියාට තමන්ට දැනෙන පීඩනය ගැන විස්තර කරන්න තේරෙන්නෙත් නැහැ. හැබැයි හිරිවැටීමට ඖෂධ ලබාගත හොත් මානසික ආතතියත් ඉබේම අඩුවෙලා යනවා.
සිරුරක ඇතිවන වේදනාවන් හෙළි කරන්නේ සැඟවුණු රෝගී තත්ත්ත්වයන්ය. ඔබට යම් වේදනාවක් ඇති වෙනවා නම් ඔබ එයට හේතුව සොයන්නට පටන් ගන්නවා. ඔබේ සිරුරේ වේදනා දෙන ස්ථානය පිළිබඳව වෛද්‍යවරයෙකුට දැනුම් දීමෙන් පසුව වෛද්‍යවරයාට ඔබේ රෝගය හඳුනාගත හැකියි. නමුත් හිරිවැටීමකදී ඔබට වේදනාව නොදැනී යනවා. එවිට ඔබට ඇති රෝගී තත්ත්වය ගැන ඔබට අවබෝධයක් ඇති වන්නේ නැහැ.
ඉතින් යම් රෝගයක් ඇති අයෙකුට නිතර නිතර හිරිවැටීමේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වෙනවා නම් එම රෝගය සැඟවී යනවා. නමුත් ඔබටත් නොදැනීම රෝගය වර්ධනය වෙනවා. හිරිවැටීමට ඖෂධ ලබා ගත හොත් සැඟවී ඇති වේදනාවන් ඉස්මතු වෙනවා. එවිට එම වේදනාවන් වලටද ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සිරුර පුරා තිබෙන විවිධ වේදනාවන් හිරිවැටීමේ ගැටලුව නිසා යටපත්වීම භයානක තත්ත්වයක් බව ඔබට වැටහෙනවා ඇති. මේ නිසා ඔබ හිරිවැටීමේ තත්ත්වයන්ට නිතර මුහුණ දෙනව නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න..
හිරිවැටීම ගැස්ට්‍රයිටිස් රෝගයේ අතුරු ආබාධයක් වෙන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් රෝගය හට ගත් විට තාවකාලික විසඳුම් සොයා යාමට උත්සාහ කරනවා. වෙෙළඳපොළේ ඇති තාවකාලික ඖෂධ ලබාගැනීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය යටපත් වන්නේ තාවකාලිකව පමණයි. නමුත් ගැස්ට්‍රයිටිස් රෝගියකුගේ සිරුරේ නිරන්තරයෙන් අම්ල වර්ග නිපදවෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහටත් හිරිවැටීමේ රෝගය ඇතිවිය හැකියි. ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා වෛද්‍යවරයෙකු හමු වී ඖෂධ ලබා ගෙන එය නිට්ටාවට සුව කර ගැනීමෙන් හිරිවැටීම් තත්ත්වයන්ද සුව කරගත හැකි වේවි.